<?xml version="1.0" encoding="utf-8"?>
<rss version="2.0" xmlns:atom="http://www.w3.org/2005/Atom">
    <channel>
        <title>ජනරජවංශය - යටත්විජිත සිස්ටම් එක</title>
        <link>https://urumavahini.lk/videos/watch/50c43020-ffd7-4fbd-a5d6-34457525d9a2</link>
        <description>අපිව පීඩාවට පත් කරලා තියෙන දේවල් අතර මේ රට පාලනය කරවන ක්‍රමය ඉස්සරහින් ම තියෙනවා. මේක අපි හදාගත්ත පාලන ක්‍රමයක් නෙවෙයි. මේ ක්‍රමය උපදින්නේ 1833 දී ඉංග්‍රීසි යටත්විජිත පාලකයා විසින් බලගන්වපු කෝල්බෲක් ව්‍යවස්ථාවෙන්. එ දා ඉඳලා මේ දක්වා අවුරුදු 190 කට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. ඒත් මේ යටත්විජිත සිස්ටම් එක සමස්තයක් විදිහට වෙනස් කරගන්න අපිට තාමත් බැරිවෙලා. මේ යටත්විජිත සිස්ටම් එක වෙනස් කරගන්නා තුරු අපිට සැබෑ නිදහසක් අත්පත් කරගන්න බෑ. එහෙම නිදහසක් අත්පත් කරගන්නේ නැතුව අපිට අපේ උරුමය තහවුරු කරගන්නත් බෑ. “සිස්ටම් චේන්ජ්” එකක් ගැන කියවපු අයට තමන් කිව්වේ මොකක්ද කියන කාරණය ගැන කිසිම තේරුමක් තිබුණේ නෑ. ඒ අය පරණ පාරේ ම කලින් අයටත් වඩා මහ වේගෙකින් දුවගෙන යනවා. ඉතින් මේ විදිහට තවත් ඉස්සරහට යනවා නම් දුවන්නන් වාලේ දුවන අයගේ විනාශයත් ජාතියක් විදිහට අපේ පිරිහීමත් වළක්වන්න පුළුවන්කමක් නෑ. එහෙම නම් අපි දැන් මොකක්ද කරන්න ඕන? අපි මුලින් ම මේ ප්‍රශ්නයේ අගමුල හොයලා බලමු. ඒ වෙනුවෙන් අපි කෝල්බෲක් ව්‍යවස්ථාවේ ඉඳලා මේ දක්වා අපේ පාලන ඉතිහාසය හදා වඩාගෙන තියෙන ආකාරය ගැන කතා කරමු. මේ “ජනරජවංශය” දේශන මාලාව කැපැවෙන්නේ ඒ වෙනුවෙන්. ඇත්තෙන්ම, “දේශන මාලාවක්” කියලා කිව්වාට මේවා ඉදිරිපත් කරන්නේ කතන්දර ස්වරූපයෙන්. අසන්නන්ගේ පහසුව සළකලා ලිඛිත ආකාරයකින් (පවර්පොයින්ට් ආකාරයකින්) අදාළ විස්තර යම් ප්‍රමාණයකුත් ඉදිරිපත් කරනවා. ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති විසින් ඉදිරිපත් කරන මේ කතා මාලාව කොටස් හතකින් සමන්විත එකක්. යටත්විජිත සිස්ටම් එක, අවුරුදු විස්සක බල අරගලයක් 3.ඩොමීනියන් බොරුව සහ ව්‍යාජ නිදහස, බොරුවෙන් උපන් ආරවුල්, හමුදා කුමන්ත්‍රණයේ කතාව, ජනරජ ව්‍යවස්ථාවේ ආරවුල, සැබෑ ජනරජයක් වෙනුවෙන්, මේ කියන සමහර කතාවල සමහර කරුණු අපි අහලා, කියවලා තියෙනවා වෙන්න පුළුවන්. ඒත් මේ අතර හැංගිච්ච කරුණු මහ ගොඩකුත් තියෙනවා. ඉතින් අපි මේ කතන්දරය අහන්න සූදානම් වෙමු.</description>
        <lastBuildDate>Mon, 13 Apr 2026 16:25:40 GMT</lastBuildDate>
        <docs>https://validator.w3.org/feed/docs/rss2.html</docs>
        <generator>PeerTube - https://urumavahini.lk</generator>
        <image>
            <title>ජනරජවංශය - යටත්විජිත සිස්ටම් එක</title>
            <url>https://urumavahini.lk/lazy-static/avatars/ab44ec27-208c-4907-8ed9-5231d7f37c75.png</url>
            <link>https://urumavahini.lk/videos/watch/50c43020-ffd7-4fbd-a5d6-34457525d9a2</link>
        </image>
        <copyright>All rights reserved, unless otherwise specified in the terms specified at https://urumavahini.lk/about and potential licenses granted by each content's rightholder.</copyright>
        <atom:link href="https://urumavahini.lk/feeds/video-comments.xml?videoId=50c43020-ffd7-4fbd-a5d6-34457525d9a2" rel="self" type="application/rss+xml"/>
    </channel>
</rss>